Sunday, July 13, 2025
Follow Us
 ප්‍රසන්නගේ චෝදනාවට පිළිතුරු

ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද?


මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කතෝලික සභාවට සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් (10) කොළඹ අගරදගුරු පදවිය පිළිතුරු දුන්නේය.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් මාධ්‍යහමුවක් කැඳවමින් එලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා

“අපි මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාවක් හැටියට අපි හැම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙන්නේ මේ රටේ ඇතිවෙන්නට ගිය ගැටුම්කාරී තත්ත්වයන් සමනය කරන්න. 09 වනදා ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ කොහින් ද?. 09 වනදා රට තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී, විනාශකාරී ක්‍රියාවන් මේ රටේ බුද්ධි අංශ දැනගෙන සිටියේ නැද්ද?”

මැයි 09 වනදා රට තුළ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණේ,

“ගෙවල් ගිනි තියන්න, ප්‍රචණ්ඩකාරී වැඩ කරන්න ගම් මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා නායකත්වය දුන්නා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හමුදුරුවෝ කෙනෙක්. ගිනි තිබ්බෙත් හාමුදුරුවෝ කෙනෙක්. අපි දැක්කා වීඩියෝ පටයක්. පල්ලිවල ඝාණ්ඨාර ගහලා ගහලා මිනිස්සුන්ගේ ගෙවල් ගිනිතියන්න පූජකවරු කටයුතු කළා.” යනුවෙනි.

Aruna