Sunday, July 13, 2025
Follow Us
ධම්මික පාර්ලිමේන්තු ගමන අතහරී

පාර්ලිමේන්තු ගියොත් ධම්මිකටත් රාජිතට වෙච්ච දේම වෙයි


ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන ඔහු ඉන් පළමුව ඉවත් විය යුතුයි. එහෙත් ඔහුට හිමිව තිබූ සමාගමක හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි සමාගමක ගනුදෙනු ආණ්ඩුව සමග සිදුකළහොත් මන්ත්‍රි ධුරය අහෝසි විය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (E) වගන්තියේ ඊට අදාළ ප්‍රතිපාලද ඇත.

මේ ආකාරයට සිය සමාගම සමග ආණ්ඩුව ගනුදෙනු කිරීම නිසා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ මන්ත්‍රි ධුරයද අහෝසි වූ නඩු තීන්දුවක්ද මීට පෙර ලබාදී ඇත. ඒ අනුව බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට ධම්මික පෙරේරා නම් කිරීමට නොහැකි බව නීති විශාරදයන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේදී ධම්මික පෙරේරා පැවැසුවේ පාර්ලිමේන්තු යෑමට තමා​ගේ අදහසක් නොමැති බවයි.

Aruna