මේ දක්වා අතුරුපස වර්ග තුනක් දීලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනක් බවයි වාර්තා වන්නේ.
පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා ප්‍රකාශකයෙක් පවසනවා
Aruna