Thursday, January 01, 2026
Follow Us
ඇමති ප්‍රසන්න සංචාරක අමාත්‍යාංශයේ වාහන නැවත භාර දෙයි

ඉඩම් අමාත්‍යාංශයට අයත් වාහන එම අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයා වන එස් එම් චන්ද්‍රසේන මේවනතෙක් භාර දි නොමැති බව වාර්තා වනවා. ඊට හේතුව ලෙස දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ යළිත් එම අමාත්‍ය ධූරයම ඔහුට ලැබේයැයි යන විශ්වාසයෙන් පසුවීම හේතුවෙන් මෙම වාහන භාරදී නොමැති බවයි.

ඉඩම් සහ සංචාරක අමාත්‍යාංශවලට අයත් වාහන කිහිපයක් එම අමාත්‍යාංශවල හිටපු අමාත්‍යවරුන් වන එස් එම් චන්ද්‍රසේන සහ ප්‍රසන්න රණතුංග භාර දි නොමැති බව ඉකුත් 31 වනදා නෙත් නිවුස් පළමුවරට අනාවරණ කළා. එහිදී අනාවරණ කළේ KQ 6211 අංකය දරණ V8 වර්ගයේ ජීප් රථය, KY 0573 දරණ BMW වර්ගයේ මෝටර් රථය හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන විසින් භාර දි නොමැති බවයි.

කෙසේවෙතත් මීට පෙර සංචාරක අමාත්‍යාංශය භාරව කටයුතු කළ අවස්ථාවේ දී ලබා ගත් වාහන අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් භාර දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Neth