Saturday, July 12, 2025
Follow Us
නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන්ට කොළඹින් නිවාස ඉල්ලයි

පසුගිය 09 වනදා ඇතිවූ කලබලකාරී තත්තවයේදී නිවාස විනාශවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාසවලින් තාවකාලික පදනම මත නිවාස වෙන්කර දීමට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්. එම මන්ත්‍රීවරුන් මුදල් ගෙවීමේ පදනම මත නිවාස මිලදී ගැනීමට එකඟ වන්නේ නම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම නිවාස මිලදී ගැනීමට පහසුකම් සැලසීම හා එම නිවාස විකිණීමෙන් ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කිරීමට ද යෝජනා කර තිබෙනවා.

පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතියේ නිවාස ඒකක 200 ක් ඉදිකර ඇත්තේ මධ්‍යම පාන්තිකයින් සඳහායි. සමස්ථ ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් යුක්තයි. ඉන් නිවාස 101 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වශයෙන් වෙන් කිරීමට 2018 වසරේදී තීරණය කෙරුණා. අදාළ නිවාස ඒකක 101 සඳහා වැයවන වියදම් ඇස්තමේන්තුව වන රුපියල් මිලියන 1,795 යි දශම 3 යි 4 ක මුදල මේ වසර තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට ද කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙනවා.

එයින් සියයට 50 ක මුදල වන රුපියල් මිලියන 897 යි දශම 6 යි 7 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කිරීමටයි යෝජනා කර ඇත්තේ.

Neth