Saturday, July 12, 2025
Follow Us
ඉමිතියාස්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

සජබ යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් ආණ්ඩුවට වෙන දේ


සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් පවසනවා.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රට ගැන කැක්කුමක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට කැපවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කලේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රී ඉමිතියාස් බාකිර් මාකාර්

“ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ගෞරවය දිනා ගන්න පුළුවන් විදියට ගමනක්ට යන්න තවමත් මේ ආණ්ඩුව මැලිකම් දක්වනවා. මේ ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට තමයි ගමන් කරන්න හදන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අගෞරවයට අපේ රට පාත්‍ර කරන්න හදනවා. දැන්වත් මේ වෙලා තියෙන දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න. උප්පරවැට්ටි යොදලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්න ගන්න උත්සාහයන් නැති කරන තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. මේ සඳහා වත් රජය ඇතුලේ ඒකමතිකත්වයක් නැහැ. අපේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඉස්සරහ මේකෙන් හෑල්ලුවට ලක් කරනවා“

Aruna