Thursday, January 01, 2026
Follow Us
රන්ජන් නිදහස් කරගන්න අගමැතිගෙන් දැනුම් දීමක්

අගමැති ලේකම් එක්ක සාගල රන්ජන් බලන්න යයි


සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමට කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක දැනුම් දී තිබේ.

මෙි අතර සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක හමුවී ඇති බවටයි වාර්තා වන්නේ.

Aruna