Saturday, July 12, 2025
Follow Us
පක්ෂ නායකයන් අතර අද විශේෂ සාකච්ඡාවක්

21ට ඉදිරිපත් කළ යෝජනා සළකා බලා අවසන් තීන්දු ගැනීම අද


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහභාගීවන තවත් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය සිකුරාදා මෙහි පළමු අදියර පැවැත්වුණි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය 21 වෙනි සංශෝධනය ආකාරයෙන් නැවත බලාත්මක කිරීම පළමු පියවර ලෙස සිදුකිරීමටයි පක්ෂ නායකයන් එහිදී තීරණය කර තිබුණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දෙවන පියවර ලෙසත් සිදු කිරිමට ද පක්ෂ නායකයන් එහිදී එකග වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අනතුරුව ගතවූ කාලය තුළ එක් එක් පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා සළකා අවසන් තීන්දු තීරණවලට එළැඹීම අද සිදුකිරීමට නියමිතයි.

එම දළ කෙටුම්පත ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද රජය සැළසුම් කර තිබේ.

Aruna