Thursday, January 01, 2026
Follow Us
රටේ වර්ථමාන තත්ත්වය ගැන විවාද කරන්න ලබන සතියේත් පාර්ලිමේන්තුවේ දින දෙකක් වෙන් කරයි

පවතින ආර්ථික අර්බුදය විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් සමත්වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමෙන් අනතුරුව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව රැස්වූ මීට පෙර අවස්ථා කිහිපයකදී ද රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විවාද පැවතිය ද ඉන් පළදායී විසදුම් නොලැබුණු පසුබිමක් තුළ යලිත් වරක් දින දෙකක විවාදයක් පැවැත්වීමටයි අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ. පාර්ලිමේන්තුව ජුනි මස 07 වනදා සිට 10 වනදා දක්වා රැස්වනවා.

Neth