Saturday, July 12, 2025
Follow Us
සාගලගේ පත්වීම බොරුවක්ලු

මහකොමසාරිස්ගේ ට්වීටර් පනිවිඩය පුවත් මැවූ හැටි


හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර ඇති බවට ඵලවන වාර්තා අසත්‍ය බවත් එවැනි පත්වීමක් සිදු වී නොමැති බවත් සාගල රත්නායක පවසයි.

නව පත්වීම සම්බන්ධයෙන් සුබ පැතීමට මාධ්‍යවේදියකු සාගල රත්නායකට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත. මෙහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ කිසුදු තනතුරුක් නැතුව බොහෝම අවම මට්ටමකින් අග්‍රමාත්‍ය කාර්යාලයේ තමන් වැඩ කරන බවයි.

පසුගිය දිනක තමන් මුණ ගැසීමට පැමිණි මහකොමසාරිස්වරයකු සිය ට්වීටර් ගිනුමෙහි ‘‘අග්‍රාමත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මුණ ගැසුනා‘‘ යනුවෙන් තබා තිබූ සටහනක් මෙම ප්‍රවෘත්තියට මූලාශ්‍රය වී ඇති බවද සාගල රත්නායක වැඩිදුරටත් පවසා ඇත.

Aruna