Thursday, January 01, 2026
Follow Us
09 වනදා නොසන්සුන්තාවට හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් සැකකරුවන් ලෙස නම් කෙරේ

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියට අදාල සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහදගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.

මෙම නඩුවේ වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ ඵලෙස දන්වා සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මේ අතර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතූලු සැකකරුවන් 13 දෙනා අද යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඵ්, සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඵහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් 13 දෙනා ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Neth