Saturday, July 12, 2025
Follow Us
පක්ෂ 9යේ නායකත්වය විමල්ට

21ට තුනෙන් දෙක තියෙයිලු


ස්වාධීන පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නම් කිරීමට යෝජනා වී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09 යේ නියෝජතයින් (31) පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙදී රැස්වී තිබුණි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ,

“අපේ අවසාන යෝජනාවලිය අපි සකස් කරලා තිබෙනවා. හෙට අපේ යෝජනාවලිය අගමැතිට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට විශ්වාසයි 21ට තුනෙන් දෙක තියෙයි කියලා.”

මේ අතර අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර සඳහන් කළේ,
“අපේ එකතුවේ නායකත්වයට අපි පිළිඅරගෙන තිබෙනවා.විමල් වීරවංශ මහතාව පත්කර ගන්න. එතුමාව තමයි ඉස්සරහට දාන්නේ. ඊළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වුණත් එතුමා හොඳයි.”

Aruna