Thursday, January 01, 2026
Follow Us
21 වෙනි සංශෝධන සටනින්”කලු කුරුල්ලාගේ”පිලට දිනුම හිමි වේද?

ජාතික ජන බලවේගය කියන්නේ ද අමුතු කතාවකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුව හා අගමැතිවරයා 21 වෙනි සංශෝධනයෙන් බලවත් වුව ද වත්මන් අගමැතිවරයාට එවැනි බලයක් ලැබීමට ජනවරමක් නොමැති බව ය. එම නිසා ඔවුහු ද කොන්දේසි ඉදිරිපත් කරති.

මේ සියළු තත්වයන් යටතේ පාර්ලිමේන්තුවේ දී 21 සම්මත වන්නට නම් තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යය.එය ලබාගත හැකිවේද? නැති ද? යන්න තවමත් කිව නොහැකි කරණයකි.

කලු කුරුල්ලාට අමතරව සමගි ජන බලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙය පරාජය කිරීමට කළ හැකි සියළු දේ කරනු ඇතැයි විශ්වාසය.එය සාර්ථක වුව හොත් එම පාර්ශව කිහිපයෙන් සැදුම් ලත් “කලු කුරුල්ලාගේ පිළ ” මේ සටනින් දිනනු ඇත

LNW