යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසනවා.
තවත් පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා කර ලබන සදුදා එම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා සදහන් කළේ.
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සමඟද සාකච්ඡා කර ඔවුන්ගේ යෝජනා ලබා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මාධ්‍ය වෙත අදහස් පල කළේ මෙලෙසයි.
Neth