Friday, February 20, 2026
Follow Us
ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් CIDය අද ප්‍රකාශ ගනී ….

ගෝල්ෆේස් විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ සහ පවිත්‍රා දේවී වන්නිආරච්චි යන අයගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව සඳහන්.

එම කටයුතු පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)