Sunday, April 12, 2026
Follow Us
ගෝල්ෆේස් ප්‍රහාරය : හිටපු පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ඊයේ (17) දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර තිබිණි.

(LNW)