Thursday, September 18, 2025
Follow Us
අරගලකරුවන්ට අගමැති දුන් පොරොන්දුව කඩ කළ බවට සජබයෙන් චෝදනාවක්

ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් අග්‍රාමාත්‍යවරයා ගාලුමුවදොර අරගලකරුවන්ට ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තතක් සේ සලකා විවාදයට ගැනීමට විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදි ඊයේ වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ඡන්ද ගණන 119ක්.

(Neth)