Tuesday, July 08, 2025
Follow Us
රනිල් අගමැති කළ හේතුව මෙන්න

චන්ද්‍රෙස්න පාර්ලිමේන්තුවේදී හෙළි කළ දේ


අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ පත් කළේ, ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයෙකු බැවින් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

අද (17) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිතුමාට විදේශ සම්බන්ධකම් තිබෙන හෙයින් විදේශවලින් ඩොලර් හොයා ගැනීමට එතුමාට හැකියාව ලැබෙනු ඇතැයි සිතන හෙයින් පක්ෂ භේද නොබලා අගමැතිවරයා පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ තනි පුද්ගලයා වශයෙන් ඉන්න, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති විදියට පත් කළේ වෙන හේතුවක් නිසා නෙමෙයි. එතුමා තනියෙන් ඉන්න හින්දා, ස්වාධීනව කටයුතු කරයි කියලා. එතුමාට තව නියෝජිතයෝ නැති නිසා, ඒ අය සංවර්ධනය කරන්න එතුමාට කෙනෙක් නැහැ මේක ඇතුලේ. ඒක නිසා තමයි කවුරුත් එතුමාට උදව් කළේ. ස්වාධීනව මේ පාලනය අරන් යයි කියලා.

ඒ වගේම විදේශ සම්බන්ධකම් තියෙන නිසා. විදේශවලින් අපිට ඩොලර් ටිකක් හොයා ගන්න එතුමාට පුළුවන් වෙයි කියන කාරණය නිසා අපි පක්ෂ භේදයක් බලන්නේ නැතුව, ලොකු වාසි බලන්නේ නැතුව, අපි ඒ අවස්ථාව දීලා තියෙන්නේ රට වෙනුවෙන් හිතලා වැඩ කරන්න පුළුවන් තනි පුද්ගලයෙක් හින්දා ඒ ස්වාධීනව කටයුතු කරයි කියලා. වෙන හේතුවක් නිසා නෙමෙයි.”

(Aruna)