මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය
පසුගිය 9 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා නව මන්ත්‍රීවරයෙක් පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැදී සිටින ජගත් සමරවික්‍රමට එම අවස්ථාව හිමිව තිබේ.
එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
(Aruna)