Friday, April 10, 2026
Follow Us
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

රනිල්ට සහය දෙනවාද ?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගනු ලබන තීන්දුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

(Arun)