හරින් රට ගැන හිතා ගත්තු තීන්දුව
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහය දීමට සජිත් ප්‍රේමදාස අකමැති වූ බැවින් රනිල් වික්‍රමසිංහට සහය දීම පිනිස හරීන් ප්‍රනන්දු සජබෙන් ඉවත් වූ බවයි.
“මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. සජබ මෙය ප්‍රමාද කරන බැවින් මම ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කළා,”
“ඔව්, මැතිවරණයක දී ජනවරමක් ඇතිව ආණ්‌ඩුව බලයට ගැනීම සුදුසු නමුත් මේ ඒ සඳහා කාලය නොවේ. අපි මේක ප්‍රමාද කරන තරමට රටට විපතක් වෙනවා.”
(Aruna)