Tuesday, July 08, 2025
Follow Us
පක්ෂ නායක හමුවක් අද පෙරවරුවේ

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේ සිදුවෙනදේ


පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 09.30 ට නැවත හමුවීමට තීරණය කර තිබේ.

ඊයේ දිනයේදී සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ නායක හමුව පැවැත්වුණි.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වෙන බව කතානායකවරයා එහිදී සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන්, සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග ඇතුළු නියෝජිතයින් සහභාගී නොවන බව කථානායකවරයාට දන්වා තිබේ.

එලෙසම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔවුන්ගේ නිවාස හා කාර්යාල වෙත සැලසිය යුතු ප්‍රමාණවත් ආරක්ෂාව කඩිනමින් ලබා දෙන ලෙසත් දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාට දන්වා යවා තිබේ.

 

(Aruna)