Tuesday, July 08, 2025
Follow Us
මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්කළ යුතු බවයි කථානායකවරයා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස ද කථානායකවරයා, ඊයේ උදෑසන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා. අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වුණේ ඉකුත් 06 වනදායි. එහිදී ලබන 17 වනදා දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබුණා.

(Neth)