Tuesday, July 08, 2025
Follow Us
පොලීසිය වෙනුවට ආරක්‍ෂක අංශ යෙදවීම ගැන ජවිපෙ විරෝධය

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය යොදවනවා වෙනුවට ආරක්ෂක හමුදාව යෙදවීම භයානක තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ එම තීරණය හේතුවෙන් පවතින ගැටළු උග්‍ර වුවහොත් එහි වගකීම එම තීරණ ගත් පිරිස භාරගත යුතු බවයි.

පවතින කුමන්ත්‍රණකාරී වැඩසටහන් හඳුනා ගනිමින් ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළා.

 

(Neth)