Monday, July 07, 2025
Follow Us
ගෝඨාට හර්ෂගෙන් සැර උත්තරයක්

ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයා ඔබ යි


පොහොට්ටුවේ ආධාරකරුවන් සාමකාමී අරගලකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළ කළ ට්විටර් පණිවුඩයට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැඩි විවේචනයක් එල්ල කර ඇත.

“ඔබ විසින් ම ප්‍රචණ්ඩත්වය ඇති කරනු ලැබූ අතර දැන් ශ්‍රී ලංකාවේ ජනතාව ඝාතනය වෙමින් සිටින,” බව හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

හර්ෂ ද සිල්වා පළ කළ ට්විටර් පණිවුඩයේ සිංහල පරිවර්තනය මෙසේ ය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබ කියන්න උත්සහ කරන්නේ මොන විකාරයක් ද? ඔබට තවදුරට ත් මොනවත් නොදන්නා සේ රඟපෑමට නොහැකි ය. අහිංසක අරගලකරුවන්ට අනුකම්පා විරහිත ලෙස පහර දෙනු ලැබුවේ, ඔබේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් විසිනි. ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයා ඔබ යි. දැන් ශ්‍රී ලංකාවේ ජනතාව ඝාතනය වෙමින් සිටී. දෙවියන්ගේ නාමයෙන් ගෝඨා ගෙදර යන්න.”

(Aruna)