Monday, July 07, 2025
Follow Us
සජබය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට - ස්වාධින මන්ත්‍රී කණ්ඩායම කියයි

සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. 05 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

රංජත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකධූරය සඳහා යෝජනා කළේ ආණ්ඩුව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

(Neth)