ඒ 10,000 වැඩි කළ නිසා තමයි අදත් මිනිස්සු ජීවත් වෙන්නේ
2015 වසරේදි රාජ්‍ය සේවකයින්ට රුපියල් දසදහසක පඩි වැඩිකිරීමක් සිදුනොකළ යුතුව තිබුනු බවට වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රි විසින් (04) දින පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය තමන් දැඩිව හෙළාදකින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
රවී කරුණානායක මේ බව සදහන් කර ඇත්තේ (05) ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
වර්ථමානයේ අහස උසට නැග ඇති භාණ්ඩ, වැඩි මිලට හෝ අද වන විට ජනතාවට මිලදී ගැනීමට හැකිවී ඇත්තේ 2015 පඩි වැඩිකිරීමක් සිදුකළ නිසා බව රවී කරුණානායක එමගින් පෙන්වා දී ඇත.
2015 රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිකිරීමට හැකි වූයේ රාජ්‍ය ආදායම වැඩි කිරීම නිසා බවද ඔහුගේ පණිවිඩයේ වැඩිදුරටත් සටහන් කර ඇත.
(Aruna)