සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් එම විශ්වාසභංගයෙන් පසුව රට ඉදිරියට ගෙනයෑම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් එකඟවිය යුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ප්‍රශ්නය – විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙනවාද නැද්ද ?
“පළවෙනි දේ තමයි විශ්වාසභංග යෝජනාවක් අවශ්‍ය වෙන්නෙ නෑ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා නම්. දෙවනුව, විශ්වාසභංගයක් ඉදිරිපත් කරලා ආණ්ඩුව ගෙදර යවන්න කලින් ආණ්ඩුව ගෙදර ගියායින් පස්සෙ කරන වැඩපිළිවෙලක් රටට තියෙන්න ඕනෙ. නැත්නම් රටට ආණ්ඩුවක් නැතිවෙනවා කියන්නෙ රට අරාජික වෙනවා”
ප්‍රශ්නය – අග්‍රාමාත්‍ය කාර්යාලය කියනවා 113 තිබුණොත් පමණයි ඔහු ඉවත්වෙන්නේ කියලා ?
“ඒක දන්නෙ ඉතින් අගමැතිතුමානෙ. අපට 113ට 120 ඉක්මවා හදන්න පුළුවන්, අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුව හැදෙනවා නම්. අපි ලෑස්තියි මේ රට බාරගන්න. අපි ලෑස්තියි මේ වළෙන් රට ගොඩගන්න. හැබැයි ඒක තනියෙන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක සාමුහික උත්සාහයක් වෙන්න ඕනෙ”
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පොහොට්ටු සන්ධානයේ කුඩා පක්ෂ 11ක නායකයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)