Monday, July 07, 2025
Follow Us
බැංකු රැකගන්න ආරක්ෂිත දැලක් දාන්න

ඉදිරියේ දී වෙන දෙයක් ගැන රනිල් හෙළි කරයි


පවතින තත්ත්වය තුළ මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දින පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.

එසේ වුවහොත් එය විශාල ගැටළුවක් විය හැකි බවත් මීට පිළියමක් වශයෙන් ආරක්ෂිත දැලක් දැමිය යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

“ඒ වගේම තමයි අපට බලන්න තියෙන්නේ අපේ බැංකු ගැන. කරුණාකරලා අපේ බැංකු ගැන බලන්න. මේ බැංකුවක් කඩා වැටෙන්න පුළුවන්. නැත්තම් ෆිනෑන්ස් කොම්පැණි එකක් කඩා වැටුනොත් අපට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැලක් දාන්න. බැංකු ආරක්ෂා කරන්න. ඒක නැති වෙන්න් පුළුවන්.”

(Aruna)