මෙරට දේශපාලනඥයින් හා ඔවුන්ට සම්බන්ධ පිරිස් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචා ජාත්‍යන්තර අධිකරණවලදී පවා ඔප්පුවෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.
මෙරට ප්‍රබලතම දේශපාලනඥයින්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා සිදුකළ බරපතල වංචා දූෂණ සහිත ලිපිලේඛන විශාල ප්‍රමාණයක් රටට හෙළි කිරීම සඳහා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එම මාධ්‍ය හමුව නම් කර තිබුණේ “රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” ලෙසයි.
මේ අතර සඳ - හිරු සෑයේ නිධන් තැන්පත් කිරීම සඳහා රනින් සකස් කළ අඩියක් පමණ උසැති බුදුපිළිමය එම සෑයේ සැබෑ ලෙසම තැන්පත් කළාදැයි සැක මතුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.
(Neth)