Monday, July 07, 2025
Follow Us
නියෝජ්‍ය කථානායක ධූරයට නමක් යෝජනා වෙයි

සජිත් අකමැත්ත ප්‍රකාශ කරයි


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්ගේ නම යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

එම යෝජනාව හර්ෂණ රාජකරුණා විසින් සිදුකර ඇත.

එම යෝජනාවට කණ්ඩායම් රැස්වීමේදි කිසිවකුත් විරෝධය පළ නොකළ අතර, පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඊට අකමැත්ත පළ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඊට හේතුව බවට සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ නියෝජ්‍ය කථානායක යන ධූරයේ “නියෝජ්‍ය” යන කොටස පමණක් ඉවත් කරන්නේ නම් තමන් ඉහළින් කැමැත්ත පළ කර බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවට පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

(Aruna)