Monday, July 07, 2025
Follow Us
රට වනසපු හොරු වළල්ල – අනුර

හොරු වලල්ලේ දුෂිත ගනුදෙනු රැසක් එළියට ?


පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද අනාවරණය කළේය.

ඒ රට වනසපු හොරු වළල්ල – තොග පිටින් හෙළිදරව්ව යන මැයෙන් දූෂණ විරෝධි හඬ සංවිධානය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වු විශේෂ සම්මන්ත්‍රණයකදීය.

“පහුගිය දවස්වල විශාල හාවක් හූවක් ගියා කවදාද මේවා දාන්නේ‍, ෆයිල් තියෙනවා ද? තියෙනවා නම් දාන්න වගේ. අපේ ඉදිරිපිට මේ ෆයිල්, වංචා දුෂණ තොරතුරු, මේ වංචා දුෂණ කියන මහා සයුරේ කුඩා ප්‍රමාණයක්. මේ සියල්ල නෙමෙයි. අමෙරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ අමෙරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය පිළිබඳව. මේ මැයි මාසයේ දී ජාලියගේ නඩුවේ අවසන් තීන්දුව ලබාදීමට නියමිතව තිබුණා එක්සත් ජනපදයේ. ඒ පිළිබඳ සමස්ත වාර්තාවක් තියෙනවා. රජය විසින් ඇමෙරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිල දී ගැනීම සඳහා වෙන් කරනවා මිලියන 6.2ක්. ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3ක්. ඒ කියන්නේ 55%ක් ගහලා. ඇමෙරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේ දී ඔහු පිළිගෙන තිබෙනවා එවැනි කොමිස් මුදලක් ගත්තු බව. ජාලිය වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි.

ඊළඟට ඔයගොල්ලේ දන්නවා පැන්ඩෝරා පත්‍රිකා හරහා එළියට ආවා ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරු නඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වය තිබෙන බව. අපි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවා තිරු නඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපළ තිබෙන්නේ කියලා.

2014 ගිං නිල්වලා කියන ගනුදෙනුව වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩි මුඩියේ චීන සමාගමකට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමේ ගිණුමට හුවමාරු කර තිබෙනවා. ඒ කම්පැනි එක තිරු නඩේෂන්ගේ. ඒ වෙලාවේ වාරිමාර්ග ඇමති හිටියේ නිමල් සිරිපාල ද සිල්වා. ඒ කම්පැනි එකෙන් කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි එවනවා. ඒ ශ්‍රී ලංකාවේ තිබෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න.

ප්‍රංශ එයාර් බස් සමාගම එක් එක් රටවල් වලට එයාර් බස් මිල දී ගැනීමට බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තිබෙනවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. අපිත් මේ එයාර් බස් අරගෙන ගිවිසුමක් අත්සන් කරා. මේ එයාර් බස් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කරන්නේ එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ සමස්ත මිල දී ගැනීම ඩොලර් බිලියන 2.2යි. මේ මිල දී ගැනීමේ දී එකඟතාවයකට එනවා A 330 යානාවක් සැපයීමට පසුව ඩොලර් මිලියනය බැගින් A 350 යානාවක් සැපයීමට පසුව ඩොලර් මිලියන 1.16 බැගින් ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින් ද කප්පම් ගෙවීමට එකඟ වෙලා. ඔක්කෝම ගත්තාහම ඩොලර් මිලියන 16.18ක්. මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නෑ. මොකද ආණ්ඩුව පෙරළුනා. ඩොලර් මිලියන 2ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබෙනවා. ඒ වෙනකොට එයාර් ලංකා එකේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තියෙනවා. බෘනායිවල ඒක ඔස්ට්‍රේලියාවේ ගිණුමකට මාරු කරනවා. ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් තුනකට එනවා. ඒකෙන් එක ගිණුමක් තමා නිමල් පෙරේරාගේ ගිණුම සුබේරු කියන අමෙරිකානු එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔහු ඩොලර් මිලියන 12 දශම ගණනක් උපයා ගත්තේ කොහොම ද කියලා ඔහුට පැහැදිලි කරන්න බැරිවුණා. ඔහු දැනු අවුරුදු 12කට හිරේ ඉන්නේ. එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා විදියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5ක්. ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් එක්සත් ජනපදයේ. ඔහු හිරේ හරිනම් කබ්රාලුත් හිරේ යන්න ඕනේ. ඒ නිසා හරි පැහැදිලියි අද ජාත්‍යන්තරයේ කොතැනද එකක් හෙළිදරව් වෙන්නේ ඔක්කෝම අපේ රටේ ඉහළ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙළිදරව් වී තිබෙනවා.”

(Aruna)