Friday, April 10, 2026
Follow Us
නියෝජ්‍ය කථානායක ධූරයට සජබ, නමක් සොයයි

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සුදුසු අයෙකුගේ නමක් යොජනා කිරීමට සමගි ජන බලවේගය සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සකච්ඡාවට ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)