ලබන 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ
පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 6 වැනිදා දක්වා දින 3ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබේ.
4වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මුදල් අමාත්‍ය අලි සබ්‍රී ඇතුළු නියෝජිතයින් පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබද අමාත්‍යාංශයීය නිවේදනය යටතේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා එම ප්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වේ.
ලබන 6 වැනිදා හැර අනෙකුත් දින දෙකහිම පෙරවරු 10.00 සිට 11. 00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
ලබන 5 වැනිදා නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතයි.
8 වැනිදා පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
(Aruna)