Monday, July 07, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ දුරකතනයට සීමා

පාර්ලිමේන්තු ආහාර වේලේ මිලත් වැඩි කරන ලකුණු


පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ දුරකතන පරිහරණය ඇතුලු සේවාවන් රැසක් සඳහා සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකතනවලින් පෞද්ගලික දුරකතන ඇමතුම් ලබා ගැනීම සිදු නොකරන ලෙස සියලු අංශ ප්‍රධානීන් හරහා සේවක සේවිකාවන්ට පසුගිය සතියේ දැනුම්දීමටයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පියවර ගෙන ඇත.

එසේම පාර්ලිමේන්තුව තුළ විදුලිය, ජලය සහ ලිපිද්‍රව්‍ය පරිහරණයද සීමා කර තිබේ.

පාර්ලිමේන්තුවේ දෛනික ආහාරවේලට ඇතුළත් කෙරෙන ආහාර වර්ග ප්‍රමාණය ද මේ වනවිට සීමා කර ඇති අතර ආහාර වේලක් සඳහා ව්‍යංජන තුනක් හෝ හතරක් පමණක් එක් කිරීමට පියවර ගෙන තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ආහාර වේලක් සඳහා අය කෙරෙන මිල ද තවදුරටත් ඉහළ යා හැකි බව වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)