අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගිය සති දෙක තුනේ සියලුම විදෙස් තානාපතිවරුන් පැමිණ තමන් සමග සාකච්ඡා කළ අතර වත්මන් රජය දූෂිත නිසා එයට ආධාර ලබාදිය නොහැකි යැයි ඔවුන් පැවසූ බවයි ඒ මහතා සඳහන් කළේ.
“මගේ කාලේ ලෝකේ හැම රටක්ම අපට උදව් කළා, කිසිම රටක් සතුරු වුණේ නෑ, තරහා කරගත්තේ නෑ. අද වුණත් අපි ආණ්ඩුවක් භාර ගත්තොත් ඒ ලෝකෙ රටවල් සියල්ලන්ම උදව් කරනවා. මම තානාපතිවරුන් සමග සාකච්ඡා කළා පසුගිය සති දෙක තුනේ. මම හම්බුවෙන්න ඕනෙ කියද්දේ ඒ සියලුදෙනාම මගේ ගෙදරට ආවා. ඒ සියලු දෙනාම කියන්නේ මේ පාලනය දූෂිත නිසා අපට පුළුවන්කමක් නෑ මේ ප්‍රශ්නවලට ආධාර දෙන්න, උදව් කරන්න කියලා. ඒ නිසා මෙවැනි පසුබිමක ආණ්ඩුව තවත් බලාගෙන ඉන්නවාද, එහෙම නැත්නම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා ඉවත් වෙනවාද කියන එක ජනතාව අහන ප්‍රශ්නයක්”
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති මැයි දින රැළියක් අමතමිනි.
(LNW)