නි. කථානායකවරයෙක් තෝරා ගැනීම මැයි 4 වැනිදා
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් හෙට (30) ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන මුල් දිනයේදී, එනම් මැයි මස 4 වැනිදා එහි පළමු කටයුත්ත ලෙස නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීය.
නමුත් ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම බාර නොගත් අතර එම තනතුරේ තවදුරටත් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ අනුව රංජිත් සියඹලාපිටිය මේ මාසයේදී පමණක් කටයුතු කිරීමට තීරණය කර එම තනතුරේ කටයුතු කරගෙන ගියේය.
(Aruna)