රට තුළ පවතින තත්ත්වය සහ ජන අරගලය හේතුවෙන් දේශපාලන පක්ෂ රැසක් මෙවර සිය මැයි දින සැමරුම් ඊට අනුරූපීව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂය මැයි දින සැමරුම කොළඹ නිදහස් මාවතේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
ප්‍රධාන නගර 04 කදී මැයි දිනය සැමරීමට කටයුතු යොදා ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ.
මෙවර ලෝක මැයි දිනය සැමරෙන්නේ 133 වන වරටයි.
(Neth)