Wednesday, March 11, 2026
Follow Us
ගෝඨාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට දින දෙයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 19 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (23) නියෝග කළා.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගපූරුවේ සංචාරය කිරීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා හැර නඩුවේ දෙවැනි, පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද නියෝග කළා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

(Neth)