Saturday, July 05, 2025
Follow Us
නව කැබිනට් මණ්ඩලය ගැන බන්දුල සතුටින්, එස් එම් නොසතුටින්

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තමන් ඉදිරිපත් කළ යෝජනා බොහෝ දුරට සාධනීය ලෙස ඉටුවී ඇති බව හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අවශ්‍ය ඕනෑම සහයක් නව අමාත්‍යවරුන්ට ලබාදීමට තමන් සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් ඇතැමුන් පවසන්නේ එකම පිරිසක් මාරු කරමින් ඇමතිකම් ලබාදීමෙන් පවතින ගැටලුවලට විසදුම් නොලැබෙන බවයි.

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ඇතැම් කොන්දේසි කඩ කර ඇති බවයි.

මේ අතර අමාත්‍යවරුන්ට ලබාදෙන ප්‍රභූ ආරක්ෂාව සහ නිල රථ වැනි දෑ ඉවත් කළ යුතු බව සමාජයේ බොහෝ දෙනෙකු දරණ මතයයි.
ගිලන් රථ, ගිනි නිවන රථ වැනි විශේෂ සේවාවල රථවලට පමණක් මහ මාර්ගයේදී ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත්, අමාත්‍යවරුන්ගේ රථ වාහන සඳහා එවැනි විශේෂත්වයක් ලබානොදිය යුතු බවටත් කතාබහක්ද සමාජය තුළ නිර්මමාණය වී තිබෙනවා.

(Neth)