Saturday, July 05, 2025
Follow Us
21 වන සංශෝධනය ගෙන ඒමට පක්ෂ රැසක් කැමැත්තෙන්

19 වන සංශෝධනය යළි බලාත්මක කිරීම සඳහා 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඊයේ පැවති සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡා වූ බවයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති පැවැත්වීමට නියමිත විරෝධතා වැඩසටහනට ද සිය පක්ෂයේ සහය ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

 

(Neth)