මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ප්‍රජාතන්ත්‍රවාදිව සහ සාමකාමීව ඉදිරිපත් කරනු ලබන ජනතා අදහස්වලට සවන්දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් වන අතර එය නොසලකාහැරීම බරපතල අවධානමක් මතු කරනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන එකඟතාවකට පැමිණ අදාළ අර්බුද විසඳාගත යුතු බවයි.
සියලුම දේශපාලන පක්ෂ හා සංවිධාන එකඟතාවකට පැමිණ අර්බුදයට විසඳුම් ලබාදිය යුතු බවත්, ජනතා අදහස්වලට සවන් නොදුනහොත් බරපතළ ව්‍යසනයක් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලක් නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මගහැරිය නොහැකි වගකීමක් බවයි.
එය, රටේ අනාගතයට මෙන්ම දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද තීරණාත්මක වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
(Aruna)