Saturday, July 05, 2025
Follow Us
ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමනට දැවැන්ත සෙනඟක් !

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් ඊයේ (17) ආරම්භ කරන ලද පාගමනට දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

මෙම විරෝධතා පාගමන අප්‍රේල් 17, 18, 19 යන තෙදින තුළ බේරුවල සිට කොළඹ ලිප්ටන් වටරවුම දක්වා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී එහි පළමු පියවර ලෙස එම පාගමන බේරුවල සිට ගාලු පාර ඔස්සේ වාද්දූව දක්වා පැමිණියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින්, ජාතික ජන බලවේගයේ වෘත්තිකයින්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

(LNW)