Saturday, July 05, 2025
Follow Us
මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් යළි ආණ්ඩුවට එක්වීමට සූදානම් බව දැනට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන විමල් – ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ද එය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි ඊයේ (17) දිනයේදී වාර්තා කළෙමු.

එසේ ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිසේත්ම ඉල්ලා අස්නොවන බවකි. එසේම අවශ්‍යතාවයක් ඇත්නම් තමන්ව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)