Tuesday, July 01, 2025
Follow Us
ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරයත් අවදානමක

මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීන වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එම ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ද ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුද ස්වාධීන වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 06 වනදා ද තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ. ඉකුත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීධූර 157 ක් පැවතියා.

මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධූර සංඛ්‍යාව 95 ක් දක්වා පහළ යනු ඇති.

(Neth)