Tuesday, July 01, 2025
Follow Us
ජනපතිගේ ඉල්ලීමට සජිත් - අනුර බැහැ කියයි

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී විවෘත ආරාධනාවක් සිදුකරනු ලැබුවා.

අද පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබල වේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ පාලනයක් පිහිටුවීමට කටයුතු නොකරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටයේ ජනාධිපතිවරයාට රටේ මහජනතාව ගෙදර යන්නැයි කියා බලකරමින් සිටින බවත් ඔහුගේ ඉල්ලීම පිළිගෙන අන්තර්කාලින රජයක් පිහිටුවීමට කිසිදු අයුරකින් සිය පක්ෂය ඉදිරිපත් නොවන බවයි.

(Neth)