Tuesday, July 01, 2025
Follow Us
රනිල්ගෙන් ජනපතිට යෝජනාවක්

19 වන ව්‍යවස්ථාව ගැන නැවතත් කරලියට


ජනාධිපතිවරයා අද උදෑසන සිදු කළ විවෘත ආරාධනාව සම්බන්ධයෙන් දහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවට බලය පවරා එතුලින් අගමැතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කළ යුතු බවටත් ඔහු යෝජනා කර තිබෙන අතර එය එසේ නොවන්නේ නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරින් ඉවත් වී පාර්ලිමේන්තුවට අන්තර්වාර ජනාධිපතිවරයකු සහ රජයක් පිහිටුවීමේ අවස්ථාව ලබාදිය යුතු බවටත් ඔහු යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනා දෙකට ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නෑ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුභ පැතීම හැරෙන්නට වෙන කළ හැකි කිසිවක් මේ මොහොතේ ඉතිරි ව නොමැති බවයි.

(Aruna)