Tuesday, July 01, 2025
Follow Us
අලුත් බාල්දියකින් ආණ්ඩුව සුපුරුදු නෑම පටන් අරගෙනලු

නව ඇමති මණ්ඩලය ගැන ගම්මන්පිල කිව්ව දේ


නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන ආණ්ඩුව විසින් සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනෙන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් සටහනක් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවක් වන අතර එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බවත් පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි යන්න ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)