මිනුවන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාරයකට සහභාගී වීම සඳහා ඩොලර් සොයාදීමට තමන් ද මැදිහත්වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් පසු බැලුම්ගල කණ්ඩායමට දුරකථන ඇමතුමක් ලබාදෙමින්.
මෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඩොලර් වියදම් කරමින් මෙලෙස විදෙස් සංචාරයක නිරත වී ඇත්තේ රටතුළ ඩොලර් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව ඇති පසුබිමකයි. ඉන්ධන, විදුලිය, ගැස් ඇතුළු ජනතාව පීඩාවට පත් කරන බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදයයි.
එවන් පසුබිමක ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසකට විදෙස්ගතවීමට ඩොලර් සොයාදීම, කෙතරම් යුක්තිසහගත දැයි ආණ්ඩුවේ වගකිව යුතු අමාත්‍යධූරයක් දරණ අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංගගෙන් බැලුම්ගල මෙහිදී ප්‍රශ්න කළා.
මෙලෙස ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කුමන ක්‍රමයකින් හෝ ඩොලර් සොයා ගනිමින් විදෙස් සංචාරවල නිරත වද්දී, විදෙස්ගතව අධ්‍යාපනය ලබන දරුවන්ට ඩොලර් යැවීමට නොහැකිවීමෙන් මෙරට මව්පියන් පත්ව ඇත්තේ ද දැඩි දුෂ්කරතාවකටයි. ජනතාව ඉන්ධන පෝළිම්වල රැඳී සිටියදී ඉන්ධන රැගෙන ආ නෞකා දින ගණනක් වරායේ නැංගුරම්ලා තබා ගැනීමට සිදුව ඇත්තේ ද ඩොලර් නොමැතිවීම හේතුවෙන්.
(Neth)