Sunday, April 12, 2026
Follow Us
එ.ජා.පයෙන් විශේෂ නිවේදනයක්

විරෝධතාවලට සහභාගි වෙන්න කළින් දැනුවත් වෙන්න


නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාළ නිවේදනය මෙසේය….

“නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු. මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වේ. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

(Aruna)